Thursday, November 28, 2024
Follow Us
අද පත් කළ නව ලේකම්වරුන්

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා මහත්මිය ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ මහතා ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ මහතා ද පත් කෙරිණි.

එසේම පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ මහතා ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර ඇත