Saturday, November 02, 2024
Follow Us
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය ජනවාරි 07 ඇරඹේ 

උතුරු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරි මස හත්වැනි දින ආරම්භ වීමට නියමිතය. 

එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේදී පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඇතුළු ආගමික වතාවත්වලට සහභාගි වීමට කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කළ ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය මාධ්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.

 එහිදී ආරම්භ කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති භාර නිලධාරීන් විසින් අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළ අතර දුම්රිය ස්ථානයේ රැඳී සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරකටද අමාත්‍යවරයා එක්විය.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්.බණ්ඩාර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, උතුරු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භාර නිලධාරින් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.