Thursday, November 28, 2024
Follow Us
උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී තිබේ.

ඒ අනුව 2023 /2024 අධ්‍යයන උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වන දින සිට ජනවාරි 31 දක්වා පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 2298 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයටද මේවන විට තැපැල් මගින් යොමු කර ඇත.

විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද, පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙත ද බාගත කිරීමේ අවස්ථාව මේවන විට ලබා දී ඇත.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිත කළ යුතුය.

ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයයන්හි, මාධ්‍යයෙහි,උපන්දිනය සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයයක් ඇතුළත් කළ යුතු නම් එම සංශෝධන https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සඳහා ලබා දුන් කාලය 2023.12.22 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව, පාසල් අයදුම්කරුවන්  තම විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්මද අදාළ සංශෝධන සිදුකළ යුතුය.

සංශෝධන සිදු කල හැකි වන්නේ එක්වරක් පමණි

මෙම විභාගයට අදාළ කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ (www.doenets.lk) පළ කර ඇත

මේ පිළිබඳ වැඩිදුර විස්තර 1911 ඇමතීමෙන් හෝ පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය

 0112784208/ 0112784537

01127859220112786616