Saturday, May 04, 2024
Follow Us
සුරක්ෂා රක්ෂණයෙන් මිලියන 540ක කොමිස් මුදලක්

පාසල් සිසු සිසුවියන් හතලිස් තුන් ලක්ෂයක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණය හරහා රුපියල් මිලියන 540ක පමණ කොමිස් මුදලක් පාර්ශවයකට හිමි තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබේ.

සුරක්ෂා රක්ෂණය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කරගත් එකඟතාවයකට අනුව සම්පුර්ණ රක්ෂණයේ වටිනාකම රුපියල් මිලියන 2700කි. එහෙත් ඉන් වැය වී තිබෙන්නේ රුපියල් මිලියන 1200ක් පමණි.

සාමාන්‍යයෙන් ලක්ෂ ගණනක පිරිසක් රක්ෂණය කරද්දී එය ප්‍රති රක්ෂණය නොකරන මුත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙම සුරක්ෂා රක්ෂණයේ ප්‍රති රක්ෂණය කොට ඇත.

සාමාන්‍යයෙන් එවැනි රක්ෂණයකදී සියයට 20ක කොමිස් මුදලක් හිමි වේ.

මෙම කරුණු හෙළිදරව් වුයේ 2015 ජනවාරි සිට 2018 අඟ දක්වා රාජ්‍ය ආයතන වල සිදු වූ වංචා හා දූෂණ සෙවීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේදීය.

(Lanka Leads)