Sunday, May 05, 2024
Follow Us
ඇමරිකානු ගිවිසුම අත්හිටුවන්න - ජනපතිගෙන් නියෝගයක් !

යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම වහා අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අමතා මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ එකඟතාවය හිමි නොවූ ඇති අතර කෙසේ වෙතත් රජයේ අමාත්‍යවරුන් එම ගිවිසුම අත්සන් තැබීමට තීරණය කළේය. එහිදී ජනාධිපතිවරයා ගිවිසුමට අත්සන් තැබීමට සාමාන්‍ය විරෝධයක් දැක්වූවා මිස ගිවිසුම අත්සන් නොකරන්නැයි දැනුම් දුන් බවක් වාර්තා නොවීය.

ඉන් පසු ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධය සලකා බලා මෙම ගිවිසුම අත්සන් කිරීමට අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවයි.

(LNW)