Sunday, February 15, 2026
Follow Us
තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් සිදු කෙරෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිය තැපැල් ඡන්දය භාවිත කිරිමට නොහැකි වු තැපැල් ඡන්දදායකයින්ට අද පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ සිය රාජකාරී ස්ථානයේදී ඡුන්දය ප‍්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හය ලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක්.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

(Neth)