Saturday, May 10, 2025
Follow Us
ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් මූල්‍ය ප්‍රදානය: කැබිනට්ටුවේදී ජනපති අගමැති ගැටෙති

ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (29 වැනිදා) අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කරයි.

මීට අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් කර වසර 2020 සිට ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බව, මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රදානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය ​ඊයේ (29 වැනිදා) ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ගැටලු ඇතිවන බවයි. මානව හිමිකම් ප්‍රශ්න ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එහෙත් ඊට විරුද්ධව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එවැනි ගැටලුවක් ඇති නොවන බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීරද මේ පිළිබඳව අදහස් පළකර ඇත.

(Lanka Leads)