එක්සත් රාජධානියේ පැවති ''Travel & Taste Awards 2026" සම්මාන උළෙලේ දී ගෞරවනීය 'Luxury Food Destination of the Year' (වර්ෂයේ සුඛෝපභෝගී ආහාර ගමනාන්තය) සම්මානය ශ්‍රී ලංකාවට හිමි විය.
මෙම සම්මානය "World Travel Market" සංචාරක ප්‍රදර්ශනයේ ඇති ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳ ඇති ප්‍රවර්ධන ස්ථානයේ දී, Travel & Taste Awards හි ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි මහත්මිය විසින් පිළිගැන්වීය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම සම්මානය පිළිගත්තේය.
Travel & Taste Awards යනු සම්මාන කාණ්ඩ 17 ක් යටතේ ලෝකයේ විශිෂ්ටතම ආහාර - කේන්ද්‍රීය සංචාරක අත්දැකීම් සහ ගමනාන්ත සමරන උළෙලකි.
ජයග්‍රාහකයින් තෝරාගනු ලැබුවේ ප්රමුඛ පෙළේ ආහාර හා සංචාරක විශේෂඥයින්, මද්‍යසාර විශේෂඥ මිලි මිලිකන්-හෝල්ඩ්හැම්, ආහාර සංචාරක අන්තර්ගත නිර්මාපක වර්නා ගාඕ සහ සත්කාරක ක්ෂේත්රයේ රසවින්දන ශිල්පී ජිනා ජැක්සන් සහ මිලී කෙනී - රයිඩර් යන ප්‍රවීණ පිරිසකගෙන් සමන්විත විශිෂ්ට විනිශ්චය මණ්ඩලයක් විසින් වන අතර, දිවයිනේ සුඛෝපභෝගීභාවය නැවත අර්ථ දක්වන නව බුටික් හෝටල් කණ්ඩායම් රැල්ලක්, උද්යෝගිමත් හා ජීවමාන සූප ශාස්ත්‍ර දර්ශනයක් සහ අසාමාන්‍ය දේශීය ස්වභාවික අස්වැන්න සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කර ඇති ආකාරය යන කරුණු කිහිපයක් විනිශ්චයකරුවන් විසින් විශේෂයෙන් අවධාරණය කරන ලදී.
මෙම ගෞරවනීය පිළිගැනීම ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය සූප ශාස්ත්‍ර විවිධත්වය, විශිෂ්ට රසයන් සහ උසස් තත්ත්වයේ ආහාර අත්දැකීම් හඳුනා ගනිමින්, නැගී එන සුඛෝපභෝගී ආහාර හා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ.