Thursday, November 05, 2026
Follow Us
සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ – NSO

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව NSO ආයතනය අවධාරණය කරයි.

2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අද (05) පැවති පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී එම ආයතනය මේ බව දැනුම් දී තිබේ. ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය යටතේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබීම සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාවරය ඉදිරිපත් කර ඇත.