Sunday, February 15, 2026
Follow Us
පරිසර ප්‍රතිපත්තිය හෙළිකරන්නැයි ජනපති, අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි

සියලු ජනාධිපති අපේක්ෂකයින් පරිසරය පිළිබඳ සිය ප්‍රතිපත්තිය පැහැදිළිව රටට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අපේක්ෂකයින් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලින් සහ මැතිවරණ ප්‍රකාශන තුළින් පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළ යුතු බවයි.

ලොවපුරා සිදුවන පරිසර විනාශය අද වනවිට මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් තිබෙනවා. එබැවින් දේශපාලඥයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක එක හිමිවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ අද පැවැති ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදීයි.

(Neth)