Saturday, May 10, 2025
Follow Us
වීදේශ භාෂා ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට නියමිතව ඇත.

මේ වනවිටත් විදේශ භාෂා ඉගැන්වීම් සිදුකරන ජාතික පාසල්වල හා ඉදිරියේදී විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල 10 සහ 11 ශ්‍රේණි සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පාසල් විෂය මාලාව තුළ මේ වනවිට ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන් සහ අරාබි භාෂා මෙන් ම 2016 වසරේ සිට කොරියානු භාෂාව ද ඉගැන්වීමට පියවර ගෙන ඇත.

(Aruna)