ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත. ඒ මහතාගේ පැමිණීමත් සමඟ දේශපාලන කරළිය තුළ යම් උණුසුම් තත්වයක් ඇතිවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
විශේෂයෙන් ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහාය නොදී ස්වාධීනව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මේවනවිට වෙනස් වී ඇති අතර ඔහු නිශ්චිතවම එක් අපේක්ෂකයකුට සහාය දක්වනු ඇති බව පසුගිය සතියේදීම අපි වාර්තා කළෙමු.
මෙතෙක් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධියට පත් නොකරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තා කිහිපයක්ම ජනාධිපතිවරයා සතුව පවතින අතර අවසන් මොහොතේ ඒවා එළියට පැමිණියහොත් ඒවායින් චෝදනා ලබන පාර්ශ්ව දැඩි පසුබෑමකට ලක්වනු ඇති.
(LNW)