ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා.
"පසුගිය 25 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත‍්‍රීවරයා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවූයේ පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇති බවයි." යන්නයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ.
ධුරය දැරූ හෝ දරන කිසිදු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ තම කාර්යාලයට බවත් ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ "වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක‍්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බළකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙනි." ලෙසයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් මෙවැනි ද්වේශසහගත චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
(Neth)