එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා අද තැපැල් කාර්යාල වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
හෙට සිට නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
යම් හෙයකින් තමන්ට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාව තැපැල් මගින් නොලැබුණේ නම් ලබන 08 වනදායින් පසු සිය අනන්‍යතාව තහවුරු කර අදාළ උප තැපැල් කාර්යාලය මගින් එය ලබා ගත හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය විමසීම ලබන 31 වනදා සහ නොවැම්බර් මස 01 වනදා පැවැත්වෙනවා. පොලිස් ස්ථානවල සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ නොවැම්බර් මස 04 වනදා සහ 05 වනදායි.
එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයෙකුට නොවැම්බර් මස 07 වනදා සිය ඡන්දය ප‍්‍රකාශ කළ හැකි වනවා. ඒ, අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී හෝ් දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයේදීයි.
(Neth)