පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී විවාදයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි එම කමිටුයේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය කථානායකවරයා මේ බව කියාසිටියා.
රාජ්‍ය බුද්ධි අංශවල පැවති අසමත්භාවය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ප‍්‍රධානතම හේතුව බව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. එහි ප‍්‍රධානතම වගකීම රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ සතු වන බවත් අනෙකුත් අයද තම වගකීම් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශය, පොලිස්පති, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන හා පුද්ගලයින් ගණනාවක් සිය වගකීම් පැහැර හැරි අයවලුන් ලෙස එම වාර්තාව මගින් ලැයිස්තු ගත කොට තිබෙනවා.
නැගෙනහිර ජනතාව අන්තවාදයට යොමුවීමට වහබ්වාදය සහ අරාබිකරණය හේතුවී ඇති බවත් ඊට හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාද වගකිව යුතු බවත් කමිටු වාර්තාවේ සදහන්.
ව්‍යවස්ථා අර්බුදය මගින් උත්සන්න කරන ලද ඉකුත් වසර තුළ පැහැදිලිව පෙනෙන්නට තිබුණු ආණ්ඩුවේ බෙදීම් ද ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ හේතුවක් ලෙසයි වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.
(Neth)