Sunday, February 08, 2026
Follow Us
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට

ලියාපදිංචි ඡන්දදායකයන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (25) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව හෙට දිනයේදී ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

හෙට සිට නොවැම්බර් 09 වැනිදා දක්වා බෙදාහැරීම් කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අනුව ලබන 03 වැනිදාද විශේෂ දිනයක් ලෙස ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ලබන 09 වැනිදා වනවිට ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ඡන්ද හිමියන් ලියාපදිංචිව ඇති ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාවය තහවුරු කොට තමාට හිමි ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව ද මැතිවරණ කොමිසම පවසනවා.

(LNW)