ජනාධිපතිවරණයට අදාලව ජනමාධ්‍ය ආයතන සඳහා නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවත්, එවැනි උල්ලංඝනය කිරීම් සිදු කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය. ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මාධ්‍ය උපමාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් සහ ඒවා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලබන 28 වැනිදා සිට දැඩි අධීක්ෂණයක් සිදු කරන බවයි. එසේම නොවැම්බර් 08 වැනිදා සිට සජීවී විකාශයන් සිදු නොකරන ලෙස මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
(LNW)