Friday, May 09, 2025
Follow Us
අතුරු සම්මත ගිණුම ඡන්දයක් නැතුවම සම්මත වෙයි

2020 වසර සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම වෙනුවට පළමු මාස හතරට පමණක් අදාලව ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඡන්ද විමසීමකින් තොරවම එය සම්මත වූ අතර කෙසේ වෙතත් ඒ සඳහා සංශෝධන කිහිපයක් එකතු කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මෙම අතුරු සම්මත ගිණුම සඳහා විරෝධය පළකර තිබෙන අතර එම පක්ෂය සඳහන් කළේ අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවයි.

මෙම අතුරු සම්මත ගිණුම හරහා පළමු මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 1474 ක් ඉල්ලා සිටි අතර එම මාස හතර තුළ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 721 කට සීමා කර තිබේ.

(LNW)