මෙරට මහජන සාමය පවත්වාගෙන යෑමේ සියලු වගකීම් ත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා ත්‍රිවිධ හමුදාවට මෙම බලය පැවරීම සිදුකර තිබේ.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම මහජන ආරක්ෂාව යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවට පවරා තිබෙන අතර එය ඔක්තෝබර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
මහජන ආරක්ෂක පනතේ 12 වැන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මීට පෙර පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී මහජන ආරක්ෂාව ත්‍රිවිධ හමුදාවට පැවරුණු අතර නැවතත් රට සාමාන්‍ය තත්වයට පැමිණීමෙන් පසුව මහජන ආරක්ෂාව සාමාන්‍ය පරිදි පොලීසියට පැවරිණි.
කෙසේ වෙතත් මෙවර ත්‍රිවිධ හමුදාවට මහජන ආරක්ෂාව පිළිබඳ බලතල ලබාදීමට හේතුව කුමක්ද යන්න අනාවරණය නොවේ.
(LNW)