Friday, May 09, 2025
Follow Us
මහජන සාමය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්.

කොළඹ, ගම්පහ,කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර,හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් වනවා.

මීට අමතරව මහනුවර, මාතලේ, කිළිනොච්චිය,වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සේවය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් බව අදාල ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

gztoct21

(Neth)