Friday, May 09, 2025
Follow Us
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

2020 වසරේ පළමු මාස හතරට අදාල රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

ලබන වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන 1474 ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. එම කාලසීමාව තුළ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 721 ක් වෙනුවෙන් ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපතිවරණය හේතුවෙන් සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ආණ්ඩු වෙනසක් බලාපොරොත්තු වියහැකි අතර ඒ නිසා නව ආණ්ඩුවකට විසර්ජණ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේ අවස්ථාව සලසා දෙමින් ආණ්ඩුව පළමු මාස 04 සඳහා පමණක් මෙසේ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළේය.

(LNW)