එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමෙන් පසු මේ දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1237 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතරට ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 1,184 ක් සහ වෙනත් පැමිණිලි 44 ක් ද අයත්.
මේ අතර (21) පස්වරු 04 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 103 ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා. එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97 ක් සහ වෙනත් පැමිණිලි 05 ක් ඒ අතර වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
(Neth)