Friday, February 13, 2026
Follow Us
ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයින් ගණන ඉහළ යෑමෙන් මතුව ඇති ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.

මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් ගණන ඉහළ යාම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබද නෙත් නිවුස් වෙත මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක කරුණු දක්වා සිටියා.

(Neth)