Friday, May 09, 2025
Follow Us
‘‘ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා‘‘

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

‘‘මම හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. මා ගත් මේ තීරණයට එරෙහිව විවිධ දේශපාලන විරෝධතා ආවා. සමහරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මරණ දඬුවමට පක්ෂව ඒ තීරණය ආවොත් දඬුවම ක‍්‍රියාත්මක කරනවා.

ඒ වගේම රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීමටත් සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා.‘‘

(Lanka Leads)