Tuesday, February 17, 2026
Follow Us
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පති‍්‍රකා රාජ්‍ය ආයතන සදහා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මේ මස 31 වනදා සහ නොවැම්බර් මස පළමු වනදා සිදු කිරීමට නියමිතයි.

කෙසේවෙතත් පොලිසිය, මැතිවරණ කාර්යාලය සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ නොවැම්බර් 04 වන දිනයි.

මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්ද දායකයන්ට නොවැම්බර් 07 වනදා තම රාජකාරී ස්ථානය පිහිටි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

(neth)