Friday, May 09, 2025
Follow Us
අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට සුදානම් බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් දැනුම් දෙයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි පවසමින් රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 01 වෙනිදා යලි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරියගේ නීතිඥවරයා අද දිනයේදී අධිකරණයට දැනුම් දුන්නා .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට ඉදිරි නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් එහෙත් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව පොලිසිය අධිකරනයට දැනුම් දුන්නා . ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 1 දා යළි කැදවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබුවේ.

මෙම ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරිය මේ වන විට ඇප මත මුදාහැර සිටියි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් සැකකරුවකු ලෙසට නම් කොට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව පසුගිය වසරේ ඔක්තොම්බර් මස 8 දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවා.

(neth)