Tuesday, February 17, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් සෘජුවම නම් කිරීමට තීරණය කෙරේ

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ යළි රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ අවසන් වාර්තාව සකස් කිරීමට නියමිත බව එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රටේ ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය අංශයේ දුර්වලතා සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ඊට ඇතුළත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, අදාළ වාර්තාව අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සෘජුවම නම් කිරීමට කාරක සභාව බලාපොරොත්තු වන බවත් එළඹෙන 23 වැනිදා පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව සභාගත කිරීමට නියමිත බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

(Lanka Leads)