Thursday, May 09, 2024
Follow Us
ඌව පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව ඇත.

මෙයට අදාළ ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ නිකුත් කරන ලදි.

ඌව පළාත් සභාවේ පස් අවුරුදු නිල කාලය ඉකුත් වන බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට විසිර ගියා සේ සලකනු ලබන බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

දිවයිනේ අනෙක් සියලු පළාත් සභාවල නිල කාලය මීට පෙර අවසන් විය.

අද දිනෙන් පසු ඌව පළාත් සභාවේ ද නිල කාලය අවසන් වන අතර පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවෙයි.

(Dinamina)