Thursday, March 26, 2026
Follow Us
පාර්ලිමේන්තුව 23දා තෙක් කල් තැබීමට අද සභාවට යෝජනාවක්

පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයක් අනුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව 23 වැනිදා සභාවාරය උදෑසන 10.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් මස පළමු වැනි රැස්වීමේ සතියේ පළමු දිනය වන අද දින න්‍යාය පත්‍රය අනුව 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතට සංශෝධනයක් ගෙනඒමට නියමිතය.

මීට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද දින රැස්වෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.

මේ අතර ලබන 23 වැනිදා රැස්වෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා ඇත.

(Lanka LEads)