පවතින සක්රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්යම, සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ ත්රීකුණාමලය දිස්ත්රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.