Saturday, October 05, 2024
Follow Us
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයට තුඩු දුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මඟින් පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමක් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පොලිස් මුලස්ථානයේ දී පැවතිණි.

මෙහි දී දැනට සිදු කරගෙන යන විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලනික හේතු බලපෑ තිබේ ද, තවද අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන, අලුතෙන් ආරම්භ කළ යතු විමර්ශන තිබේ නම් ඒවා මොනවාද යන්න පිළිබඳව ද විශේෂ අවධානය යොමු කර සාකච්ඡාවට භාජනය කරන ලදී. යම් යම් විමර්ශන සඳහා බලපෑම් සිදු වී තිබේද, එසේ නොමැතිනම් ප්‍රමාද වීමට හේතු මොනවාද යන්න පිළිබඳව ද මෙහි දී අවධානය යොමුකර ඇත.

මෙම අවස්ථාව සඳහා වැඩබලන පොලිස්පහි ප්‍රියන්ත වීරසුරිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගී විය. අදාළ කරුණු පිලිබඳව වාර්තාවක් සකස් කර ඉදිටි විමර්ශන සිදු කෙරෙන අතර මෙහි දී වැදගත් වූ විමර්ශන රාශියක් පිළිබඳව අවධානය යොමුකර තිබිණි.