Saturday, April 27, 2024
Follow Us
පළාත් කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌවසහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණසහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.