Wednesday, May 08, 2024
Follow Us
ජන­ප­තිගේ මත­වා­දය කුමක්දැයි ඕනෑම කෙනකු සමඟ විවාද කිරී­මට සූදා­නම්

ජන­ප­තිගේ මත­වා­දය කුම­ක්දැයි කියා ඕනෑම කෙනෙකු සමඟ ඕනෑම මොහො­තක විවාද කිරී­මට සූදා­නම් බව එජා­පයේ මිනු­ව­න්ගොඩ ආසන සංවි­ධා­යක, පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආශු­බෝධ මාර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ පෙරේදා (25) සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි. එහිදී වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේද පැව­සීය.

මහ­වැලි ව්‍යාපා­රය වගේම බහු­කාර්ය ව්‍යාපෘ­ති­යක් විදි­හට උමා ඔය ව්‍යාපෘ­තිය හඳු­න්වන්න පුළු­වන්. කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට වගේම පානීය ජලය සහ ජල විදුලි බලය ලබා ගැනීම කියන කාර්ය­යන් වෙනු­වෙන් උමා ඔය ව්‍යාපෘ­තිය වෙන් වෙනවා. මේ ව්‍යාපෘ­තිය මුලින්ම ආරම්භ කිරීම පිළි­බ­ඳව කට­යුතු සිදු කරන්නේ 1992 වර්ෂයේ ගාමිණී අතු­කෝ­රාල මැති­තුමා මූලික වෙලයි. වන සම්පත් වාරි­මාර්ග මහ­වැලි සංව­ර්ධන ඇමැ­ති­ව­රයා විදි­හට මේ කැබි­නට් පත්‍රි­කාව ඔහු විසින් ඉදි­රි­පත් කර­නවා. ශක්‍යතා අධ්‍ය­ය­න­ව­ලින් පසුව 1993 වර්ෂයේ ඔහුම නැවත කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­නවා. ඉන්පසු සෑහෙන කාල­ප­රි­ච්ඡේ­ද­යක් මේ සම්බ­න්ධව අධ්‍ය­ය­නය කර­නවා. නැවත 2005.01.26 වැනිදා සරත් අමු­ණු­ගම ඇමැ­ති­ව­රයා මුදල් ඇමැති විදි­හට වාර්තා­වක් ඉදි­රි­පත් කර­නවා. 2005.01.04 වැනිදා කැබි­නට් ඇමැ­ති­ව­රයා ලෙස අනුර කුමාර දිසා­නා­යක නැවත මේ සම්බ­න්ධව කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­නවා. කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය ඇමැ­ති­ව­රයා විදි­හට තමයි ඔහු ඒ කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කරන්නේ.

992න් පස්සේ සෑහෙන කාල­ප­රි­ච්ඡේ­ද­යක් මේ පිළි­බඳ සාකච්ඡා වෙලා නැව­තිලා තිබී නැවත අලු­තෙන් කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කරන්නේ අනුර කුමාර දිසා­නා­යක ඇමැ­ති­ව­රයා වීම විශේෂ වැද­ග­ත්ක­මක් උසු­ල­නවා. 2018 මහින්ද රාජ­පක්ෂ මුදල් ඇමැ­ති­ව­රයා විදි­හට මේ සම්බන්ධ නිරී­ක්ෂණ වාර්තා­වක් ඉදි­රි­පත් කර­නවා. ඉන්පසු චමල් රාජ­පක්ෂ මහතා වාරි­මාර්ග හා ජල කළ­ම­නා­ක­රණ ඇමැ­ති­ව­රයා විදි­හට අව­සාන කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කර මෙහි වැඩ ආරම්භ කර වැඩ අව­සන් කර­නවා. ඒ අනුව මේ වෙනු­වෙන් කැබි­නට් පත්‍රිකා ඉදි­රි­පත් කරපු සිය­ලුම කැබි­නට් ඇමැ­ති­ව­රුන්ට ස්තුති­වන්ත විය යුතුයි. කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­මින් මේ පිළි­බ­ඳව දායක වුණු අනුර කුමාර දිසා­නා­යක මහ­තා­ටත් අපි ස්තුති­වන්ත විය යුතුයි. නමුත් අනුර කුමාර දිසා­නා­යක මහතා මේ උමා ඔය ව්‍යාපෘ­තිය සම්බ­න්ධව ඒ කැබි­නට් පත්‍රි­කාව ඔහු ඉදි­රි­පත් කිරීම පිළි­බ­ඳව කිසිදු ප්‍රකා­ශ­යක් හොඳයි හෝ නර­කයි කිය­ල­වත් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

අනුර කුමාර දිසා­නා­යක මහතා කැබි­නට් පත්‍රිකා ඉදි­රි­පත් කර දැන් පැත්ත­කට වෙලා ඉද්දි ඒ පක්ෂයේ සමන්ත විද්‍යා­රත්න මහතා ව්‍යාපෘ­තිය විවේ­ච­නය කර බැණලා බැණලා අන්ති­මේදි ටැප් එකෙන් ස්වාධී­නව ඡන්දෙත් ඉල්ල­නවා. ඒ සම්බන්ධ වීඩි­යෝව දැකලා කෙනෙක් දාලා තිබුණා, මේ කට්ටිය පච මරුවෝ කියලා. අනුර කුමා­ර­ටම මතක නැහැ උමා ඔයට තමන් කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කළාද කියලා. කණ්ඩ­ලම හෝටලේ නිර්මා­ණය කර­ද්දිත් මෙවැ­නිම විරෝ­ධතා ඉදි­රි­පත් කළා. නමුත් අව­සා­න­යේදී කණ්ඩ­ලම හෝට­ලය හොඳම පරි­සර හිත­කාමී හෝටලේ විදි­හට තෙව­තා­වක්ම සම්මාන දිනා­ගත්තා. ඒ වගේම තමයි මේ රටේ හොඳ ව්‍යාපෘ­ති­යක් ගෙනෙද්දි ඒකට විරුද්ධ වෙනවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා වෙලා ඉන්න කාලේ අධ්‍යා­පන ධවල පත්‍රි­කාව ඉදි­රි­පත් කළා. අව­සා­නයේ පාස­ල්වල ශිෂ්‍යයෝ එළි­යට දාලා පෙළ­පාළි ගිහින් මේක ඉදි­රි­පත් කරන්න දුන්නේ නැහැ.

මේ රටට අවශ්‍ය තාක්ෂ­ණය පෙර­දැරි කර­ගත් අධ්‍යා­පන ක්‍රම­යක් ඒ කාලේ ඉදි­රි­පත් කර­ද්දිත් විරුද්ධ වුණා. එදා ධවල පත්‍රි­කාවේ තිබුණු හැම දෙයක්ම අද අව­ශ්‍යයි කියා හැම කෙනෙක්ම කතා කර­නවා. ජනතා විමුක්ති පෙර­මුණ තමයි හැම­දාම එවැනි දේව­ල්ව­ලට විරුද්ධ වෙලා මේ රට හැරෙව්වේ. ජනතා විමුක්ති පෙර­මුණ කරපු කැරලි හේතු­වෙන් මේ රට වසර දොළ­හක් ආප­ස්සට ගියා. උමා ඔය ව්‍යාපෘ­තිය වසර දොළ­හක් දහ­තු­නක් ආප­ස්සට යන්න හේතු­වත් ජනතා විමුක්ති පෙර­මුණ තමයි. මේ කරන චෝදනා දිහා බැලු­වොත් මහ­වැලි ව්‍යාපා­රය සිද්ධ වෙන මොහො­තෙත් මෙවැනි දේවල් කතා වුණා. සත්‍ය කතාව තමයි තෙල්දෙ­ණිය නග­රය යට වුණා. අද­ටත් මහ­වැ­ලියෙ වතුර හිඳුණු මොහො­තක තෙල්දෙ­ණිය නග­රයේ නට­බුන් අපට දැක ගන්න පුළු­වන්. එනිසා එවැනි සිදු­වීම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙ­නවා.

Dinamina