Saturday, July 05, 2025
Follow Us
සැකයක් නෑ යාපනයේ ආරක්ෂාව සහතිකයි-යාපනය ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය

යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ‘අරුණ’ට පැවසීය.

නාගර්කෝවිල්හි ඊයේ (27 වැනිදා) ඇති වූ සිද්ධිය නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන් කළ දෙයක් බවට පොලිස් පරීක්ෂණවලින් සනාථ වන බවත් පොලිසිය ඒ සම්බන්ධව විමර්ශන සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙය රතිඤ්ඤාවල වෙඩි බෙහෙත් යොදාගෙන කළ ප්‍රාථමික මට්ටමේ පිපිරුමක් බවද ඔහු සඳහන් කළේය.

(Aruna)