ලබන 23 ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 (2023) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
දේශිය හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොල සහ මෙරට රැකියා අපේක්ෂකයින් සයිබර් අවකාශය මගින් සම්බන්ධ කෙරෙන රැකියා ප්‍රවර්ධන පරිගණක (Digital app) යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික නායකයන් බිහි කිරීම වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) පැවති ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන උළෙල “ පෞර්ෂාභිමාන- 2022” අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,
ජාතියේ අනාගතය වෙනුවෙන් යොවුන් සේනාංකය බිහි වී දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. තරුණ තරුණියන්ට මේ අවකාශය ලබා දීමට වත්මන් ජනාධිපතිතුමා, තරුණ සේවා ඇමැතිවරයා ලෙස එවකට විශාල වැඩ කොටසක් සිදු කළා. පාසල් ජීවිතයෙන් පසුව විශ්විද්‍යාලවලට නොයන තරුණ පරපුරට මඟ පෙන්වීමට තරුණ සේවා සභාව විශාල කාර්යභාරයක් සිදුකරන බව පැහැදිලියි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් විශාල වගකීමක් ඉටු කරන බව අපි දන්නවා. යොවුන් සේනාංකය රටට එක්කර තිබෙන විශාලම දායාදය තාරුණ්‍යයේ එකමුතු බවයි. ඉදිරියේදී රට ගොඩනැඟීමට තිබෙන අභියෝගයට යොවුන් සේනාංක වැනි සංවිධාන වලින් විශාලම දායකත්වයක් ලබා ගත හැකියි. තරුණ තරුණියන්ගේ හැකියාවන්වලට උදව් දෙන සියලුම පහසුකම් යොවුන් සේනාංකයට තිබෙනවා. අපේ තරුණ තරුණියන්ගේ නිපුණත්වය ඔපමට්ටම් කරමින් අනාගතය භාර ගැනීමට හැකි පුරවැසියන් බිහි කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා.
චන්න ගුණතිලක මහතා සහ මම මේ වැඩ කටයුතු ආරම්භ කරන විට අපට ජාතික යොවුන් සේනාංකයක් තිබුණේ නෑ. මූලික වගකීම වුණේ අද ජනාධිපතිතුමා, එවකට අපේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගැනීමයි.
එහි මූලික අවශ්‍යතාව වුණේ මනා පෞර්ෂත්වයකින් යුත් , කාලයට ගැළපෙන දක්ෂතාවයන්ගෙන් හෙබි, හොඳ නායකත්වයක් දිය හැකි, අනාගත අභියෝග ජයගත හැකි , රැකියා වෙළෙඳපොළට සූදානම්, ගැළපෙන නියම ආකල්පවලින් පිරිපුන් තරුණ පරම්පරාවක් ගොඩ නැඟීමයි.
මේ වන විට වසර 20ක පමණ කාලයක් තුළ මේ වැඩසටහන දියුණු වෙලා තියෙනවා. තවමත් දේශපාලනීකරණය වීමෙන් තොරව වැඩකටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සතුටුයි. අපේ රටට වැදගත්ම දේ තරුණයින්ගේ අනාගතයයි. අද ඒ ඇගයීමට ලක් වූ සියලුම දූ දරුවන්ට මගේ සුබ පැතුම් පිරිනමනවා.
ඒ වගේම ඔවුන් පුහුණු කිරීමට, වැඩසටහන් සම්පාදනයට ඇප කැප වූ මෙන්ම ඊට නායකත්වය දුන් සියලු දෙනාට මගේ සුබ පැතුම් පිරිනමනවා. අද මෙතැන දකින්න ලැබුණේ කලා අංග පමණයි. ඒ සියල්ල අති විශිෂ්ටයි. අනෙක් වැඩසටහන්වල විශිෂ්ඨත්වයත් මට හිතා ගන්න පුළුවන්. මොකද කලා අංග පුහුණු වෙන්නේ අනෙක් වැඩකටයුතු කරන අතරතුර බව මට සභාපතිවරයා දැනුම් දුන්නා.
ජාතික තරුණ සේවා සභාව මීට වෙනස්. කලා අංශයට ගියොත් පුහුණු වෙන්නේ කලා කටයුතු පමණයි. මෙතැන ඉදිරිපත් වූ කලා අංග පුහුණ වෙන්නේ වෙනත් වෘත්තියකට සූදානම් වන අතරතුරයි.
කෙසේ වුවත් අපි තව දුරටත් යාවත්කාලීන විය යුතුයි. ලෝකයට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. කාර්මික විප්ලවයේ තුන්වැනි අදියරේ සිට හතරවැනි අදියරට රට ගමන් කරනවා. තොරතුරු තාක්ෂණයේ සිට කෘත්‍රිම දැනුම දක්වා ගමන් කරනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ලෝකයකට අප ඇතුළු වෙනවා. ඒ සඳහාත් අප සූදානම් විය යුතුයි.
එයින් අදහස් කරන්නේ දැන් තිබෙන සියලු දේ නැති වෙනවා කියන එක නෙවෙයි. නමුත් අලුත් දේවල්වලට මුහුණ දීමට අප සූදානම් විය යුතු වෙනවා. යම් අංශවලින් රැකියා නැති වේවි. ඒ වගේම තවත් අංශවලින් රැකියා ඇති වේවි. ඒ රැකියා අපට පුරුදු රැකියාවලට වඩා ඉහළ මට්ටමේ ඒවා විය හැකියි. ඒ වගේම මේ සමඟ මුහුණ දීමට සිදුවන අවදානමත් තිබෙනවා.
අද තරුණ පරම්පරාව දෙස බැලුවොත් දුරකතනයෙන් එහාට ජීවිතයක් නැතිව තිබෙනවා. එතන අවදානමත් තිබෙනවා. ඒවාටත් ගොදුරු නොවී ඒ විප්ලවයෙන් අපි ජය ගන්නේ කොහොමද ? අපි අනාගතයට සන්නද්ධ වන්නේ කෙහොමද? ඒ වගේම මේ රට ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් කරන්නේ කොහොමද කියන ඉලක්කය අනුව තමයි අපි ඉදිරියට යා යුත්තේ. යොවුන් සේනාංකය ඊට සුදුසුම ස්ථානයයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, කපිල නුවන් අතුකෝරල , ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔබ වයස අවුරුදු 40 ට වැඩි” ගලුකෝමා හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම් ළඟම පිහිටි අක්ෂි සායනයට ගොස් වාර්ෂිකව ග්ලූකෝමා සඳහා පරීක්ෂා කර ගන්න
සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදෙස් රැකියා සඳහා රැකියා අපේක්ෂකයන් පුහුණු කිරීම පිණිස අනුරාධපුර, විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්ධනයේ වැඩි වීමක් මේ මාසයේ දක්නට ලැබෙන බවත් බහුලව වාර්තා වන්නේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ඉන්ෆ්ලුවෙන්සා ''ඒ '' බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.
රියදුරු බලපත්‍ර සඳහා dmerit හෙවත් අකුසලතා ලකුණු ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
බිත්තර ආනයනය කිරීමට නිර්දේශය ලබා නොදීමට සත්ත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කරයි.
නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමඟ එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියල ඇත්තෝ පවසා තිබේ.
දේශිය හා ජාත්‍යන්තර රැකියා වෙළෙදපොල සහ මෙරට රැකියා අපේක්ෂකයින් සයිබර් අවකාශය මගින් සම්බන්ධ කෙරෙන රැකියා ප්‍රවර්ධන පරිගණක (Digital app) යෙදවුමක් හඳුන්වාදීමට යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙරටට පැමිණන සංචාරකයන් පැය 72කට පෙර PCR පරීක්ෂණ සිදු කර ගත යුතු බවට නීතියක් හෝ මාර්ග උපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසනවා. එබැවින් සෞඛ්‍ය බලධාරීන් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් 4වන දින සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කළ චක්‍රලේඛය තව දුරටත් වලංගු බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.
නව කොවිඩ්-19 රෙගුලාසි හඳුන්වා දුන් බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ.
එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් දිවයිනට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්ව තිබුණා.
Neth
පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා ම නව වෙබ් අඩවියක් හඳුන්වා දීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයින් කිහිප දෙනෙකු ද බැහැ දැක ආශිර්වාද ලබා ගනී.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ පර්යේෂණ සම්බන්ධයෙන් වන වාර්තාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් විසින් භාර දීම ඊයේ (12) සිදු කෙරිණි.
සිරකරුවන්ට පොදු සමාව ලබාදීම, සිරකරු තදබදයට විසදුම් සෙවීම ඇතුළු බන්ධනාගාර කටයුතු පිළිබදව ක්‍රියා කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැත්විණි.
නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස යොදා ගත් රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් (Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක සමග අද දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස පිටුපස වලේ වල දමා තිබු දෙවන මළ සිරුර අද (13) දහවල් කෑගල්ල මහේස්ත්‍රත් වාසනා නවරත්න ඉදිරියේදී ගොඩගනු ලැබු බව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් නිශාන්ත රාජපක්ෂ පවසයි.
Page 159 of 756