Saturday, July 04, 2026
Follow Us
Social and Equity

"ඩෙංගු" වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනතුරු අඟවයි.

ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

 2022 මැයි මාසය අවසන් වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි.

නමුත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි.

දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,

"ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙනවා. 2017දී අපි දැක්කා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 186,000ක්. ඒ වගේ අවස්ථාවකදී හැම රෝහලකම ඉඩකඩ නැති වුණා. ඒ තත්ත්වයට එයිදෝ කියන අවදානමක් පිළිබඳ සැකයක් අපිට තිබෙනවා දැන් තිබෙන තත්ත්වයත් එක්ක. රෝගීන් වැඩි වුණොත් කළමනාකරණය කරගැනීම ප්‍රායෝගිකව අපහසු වෙනවා."

 

-Aruna

Social and Equity

මියන්මාර් ජනරජයේ උත්තරීතර ගෞරවයෙන් පිදුම් ලැබූ මහා සංඝරත්නය වෙත ගෞරව දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණී.

Social and Equity

කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී අද (02) නිල වශයෙන් වෙසක් සතිය අරඹමින් බෞද්ධ ධජය එසවීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු කෙරිණි.

Social and Equity

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් දී රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Social and Equity

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.

Social and Equity

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබේ.

Social and Equity

දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හඳුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැළපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සඳහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් විමසීමේ වැඩපිළිවෙළ අද  (03) ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
“නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කම්කරු නීතිය වෙනස් කිරීමට, 2048 දී මේ රට දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීමේදී කම්කරු ක්ෂේත්‍රෙය්ත් වෙනස් කම් කළ යුතු වෙනවා.

අපිට මොන චෝදනා ආවත් ඉන්ෆල්ක්ස් වැඩසටහන යටතේ නීතිය අලුත් කිරීමට අදහස් යෝජනා පුළුල්ව ලබාගැනීම තමයි අපි ආරම්භ කළේ. සාමාන්‍යෙයන් මේ වගේ දෙයක් පටන්ගන්නා විට, වෘත්තීය සමිතිවලින් විතරක් අහලා කළාම හරි කියලා හිතනවා. ලංකාවේ වෘත්තීය සමිති නියෝජනය කරන වගේම වෘත්තීය සමිති නියෝජනය නොකරන පිරිස අතරේ ලොකු වෙනසක් තිබෙනවා. මේ රටේ ඕනෑම වෘත්තියක් කරන, වෘත්තීය සමිතියකට සම්බන්ධ, සම්බන්ධ නොවන, කාන්තාවන්ට, විවිධ පාර්ශවවලට, අයිතීන් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අයට පවා තමන්ගේ අයිතීන් ගැන වේදිකාවක් තමයි අපි හදන්නේ. ඉන්ෆ්ල්ක්ස් වේදිකාවට ඕනෑම අයෙටක්ට ඇවිත් අදහස් දක්වන්න පුලුවන්. කම්කරු අමාත්‍යාංශයට ඊමෙල්, දුරකතන ඇමතුමක් දෙන්න. ඒ යෝජනා සැලකිල්ලට අරගෙන කම්කරු නීති වෙනස් කිරීම සදහා වන කෙටුම්පතක් හදලා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නීති කෙටුම්පත් අංශයට, පාර්ලිමේන්තුවට, අධිකරණයට ගිහින් රටේ සියලු ජනතාවගේ එකගතාවයෙන් නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීතියක් සකස් කිරීම සදහා මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
මේ වේදිකාවට ඇවිත් කම්කරු ක්ෂේත්‍රය ගැන අදහස් දක්වන්න කියලා අපි ඉල්ලනවා. සියලු දෙනාගේම අදහස් ලබාගැනීමට අපි සූදානම්. වෘත්තීය සමිතිවලට සම්බන්ධ නොවන අයට, විද්වතුන්ට මේ වේදිකාව විවෘතයි.”

Social and Equity

මෙරටින් ඊයේ දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි.

Social and Equity

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරක් මත පිටකොටුව කදිරේෂන් වීදියෙහි ගබඩාවක සහ වෙළඳසැලක සිදුකරන ලද වැටලීමකදී, අලෙවිය සඳහා සූදානම් කරමින් තිබූ ආනයනය කරුවකු හෝ නිෂ්පාදකයකු සඳහන් නොවන දේශීය සහ විදේශීයව සකස් කරන ලද රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.

Social and Equity

සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීම සිනමාකරුවන් පුහුණු කරවන සිනමා ඇකඩමියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

බුදු දහමින් පෙන්වා දුන් නිසි කළමනාකරණය ද අද අප මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට දායක විය හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Social and Equity

සිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර ගනිමින් මෙහෙයුමක් දියත්කර තිබේ.

Social and Equity

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

Social and Equity

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් වෙසක් පොහෝ දින සිට පුරා දින 04ක් , එනම් මැයි 05 සිට 08 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේය.

Social and Equity

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.