රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යංශය විසින් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙකු වෙත රුපියල් මිලියන 171ක ණය පහසුකම් ලබා දීම කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා - යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන්
පත්වේ.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ " සතරාව දීපනී" උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඉකුත් මාර්තු 08 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ගුවන් ගමනක් සංවිධාන කර තිබිණ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් කිරීම ඊයේ (09) ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඇති දැඩි කර රැක බලාගැනිමට නොහැකි අලුත උපන් දරුවන්ගේ රැකවරණය සඳහා දරුවන්ගේ ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඊජ්ප්තු තානාපති Maged Mosleh මහතාගේ ප්‍රධානත්වයෙන් “ Women plus Bazar වැඩසටහන හඳුන්වා දීමේ උත්සවය ඊයේ (09) කොළඹ දී පැවැත්විණි.
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival - ආහාර පාන සැණකෙළිය - 2023 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි.
ඊයේ (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගනු ලැබූ, බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.
ඕස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු වන Dnata සමූහය ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම් බව මෙරට විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
Page 143 of 747