Wednesday, April 22, 2026
Follow Us
අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට දැනුම්දීමක්

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි. 

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මෙලෙස පැවසීය, 

"කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න."