මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට සියලු ඖෂධ හල් ඊයේ(9) සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.
රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ.
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින්ගේ කැපවීම අගයකිරීම පිණිස අද සවස 06. 45 සිට නෙලූම් කුළුන ආලෝකමත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ සටහනක ඒ බව සඳහන්.
කිි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හෙට (10දා) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත්වීමට තීරණය කර ඇතිබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
The Essential Food Commodities Importers and Traders Association yesterday requested the government to relax restrictions on the import of turmeric which is a vital cooking ingredient.
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ස්ථානීය රථ වාහන දඩ මුදල් ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කඩිනමින් යලි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන සෑම පුද්ගලයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන PCR පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.
නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබූ මුළු පිරිස 47 ක් වනවා.
The Sri Lanka Public Health Inspectors Union has proposed the government take measures to open a quarantine centre in each Medical Officer of Health division in the country.
රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
තවත් පවුල් ලක්ෂ 10 ක් සඳහා රුපියල් පන්දහස බැගින් වූ විශේෂ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මේ වනවිට අදාල දීමනාව ලබාදෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 54 කි.
The Sri Lanka government has initiated urgent and effective measures to slow the spread of the virus by testing and treating patients, contact tracing of those found positive, limiting travel, mandatory quarantine for anyone coming from countries affected by COVID-19, closing borders to prevent transmission from further travellers, cancelling large gatherings and creating awareness.
Page 635 of 761