Tuesday, February 10, 2026
Follow Us
පිළියන්දල කොරෝනා රෝගියා සුව වී නිවසට

පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ සොයා ගත් කොවිඩ් 19 රෝගය ආසාදිතවූ මාළු ව්‍යාපාරිකයා දින කිහිපයකින් රෝගය සුව වී නැවත නිවසට පැමිණ තිබේ.


පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික ඉල්ලාවල සදහන් කර සිටින්නේ මොහුගේ ශරීරයේ රෝග ව්‍යාප්තිය ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙතරම් කෙටි කලකින් ඔහුට රෝගය සුව වී ඇති බවයි.
කෙසේ වෙතත් ඔහුට තව දුරටත් දින 14ක් නිවසේ ස්වයං නිරෝධනයට ලක්වන ලෙස උපදෙස් ලබා දී ඇති බබවටත් ඒ මහතා සදහන් කර සිටී.
මේ සමගම මෙම රෝගී පුද්ගලයා සමග සබදතා පැවත්වීම මත නිරෝධනයට රැගෙන ගිය පුද්ගලයන් 13න් දෙනෙකු ද නැවත සිය නිවෙස් වෙත් පැමිණ තිබේ. ඔවුනටද සිය නිවෙස් වල දින 14 ස්වයං නිරෝධනයට ලක්වන ලෙස උපදෙස් ලබා දී ඇත.

(Aruna)