Tuesday, February 10, 2026
Follow Us
ඉන්දියාවේ සිටින මෙරට සිසුන් රැගෙන ඒමට අදත් ගුවන් යානයක්

උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එරට සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අදත් (26) පිටත්ව යනවා.

මෙම යානය පිටත්ව යාමට නියමිත ඇත්තේ ඉන්දියාවේ කොයිම්බතුූර් වෙතයි. නැවතත් තවත් විශේෂ ගුවන් යානයක් ලබන 28 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් වෙත පිටත් කර හැරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඊයේ (25) දිනයේද ඉන්දියාවේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක් මව්බිමට රැගෙන ආ අතර ඊට පෙර නේපාලයේ සහ පාකිස්ථානයේ සිරවී සිටි ශී‍්‍ර ලාංකික සිසු කණ්ඩායම් දෙකක්ද විශේෂ ගුවන් යානා මගින් මව්බිමට රැගෙන ආවා. ලබන 27 වැනිදා බංගලාදේශයේ සිරවී සිටින ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක් මව්බිමට රැගෙන ඒම සඳහා තවත් විශේෂ යානයක් පිටත් කර හැරීමට නියමිතයි.

මව්බිමට ගෙන්වා ගැනෙන සියලූ පිරිස් ගුවන් තොටුපලේදී කෙරෙන මූලික පරීක්ෂා කිරීම්වලින් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා.

(Neth)