Sunday, March 15, 2026
Follow Us
බේරුවල පන්නිල පුද්ගලයින් 140ක් නිරෝධායනයට

කොරෝනා (COVID-19) ආසාදිතයෙකු බේරුවල පන්නිල ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 140දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම පුද්ගලයින් පිරිස වෛරස් ආසාදිතයා ඇසු කර ඇති බවට ලද තොරතුරු අනුව නිරෝධායනය කිරීමට යොමු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න සදහන් කළේය.

(Lanka Leads)