Tuesday, July 08, 2025
Follow Us
කොරෝනා වැළඳී මීගමුවේදී මිය ගිය පුද්ගලයා සමග සබඳතා පැවැත් වූ පිරිසක් කන්දකාඩු වෙත

නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (01) නිවෙස් බලා පිටව යන බව යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නා.

නව කොරෝනා ආසාධිත බවට හදුනාගෙන ලැබ මීගමුව මහ රෝහලේදී මිය ගිය පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වූ අයද මේ වන විට නිරෝධායනයට ලක්කර තිබෙන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

ඔවුන්ගෙන් පිරිසක් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද (01) රැගෙන යන බවද යුද හමුදාපතිවරයා පැවසුවා.

 

(Neth)