Monday, July 07, 2025
Follow Us
බණ්ඩාරගම, අටුළුගමින් කොරෝනා රෝගීන් 5ක් හමුවෙයි

බණ්ඩාරගම, අටුළුගම මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය වැලදී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමග බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ යන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.‍ ඒ අතර රෝගීයාගේ පියා සහ සහෝදරියත් සිටින බව වාර්තා වේ.

‍මේ අනුව පසුගිය 26 දා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ රෝගීන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබේ.

බණ්ඩාරගමින් එමුවූ රෝගීයා ඩුබායි සිට පසුගිය 19දා මෙරටට පැමිණ ඇති අතර 25 වැනිදා අසනීපවීමෙන් පසු කළුතර නාගෙඩ රෝහලට ඇතුළත්වීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.

(Lanka Leads)