Monday, July 07, 2025
Follow Us
කටුනායක, බියගම, සීතාවක ඇතුළු ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග

ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත.

එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන යාමට කටයුතු කරන ලෙස ද විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ආයෝජන මණ්ඩලය පවසයි.

කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙස නියෝග කර ඇතැයි ආයෝජන මණ්ඩලය ස`දහන් කරයි.

කටුනායක, බියගම සීතාවක ඇතුළු නිදහස් වෙළ`ද කලාපවල සේවය කරන සේවක සේවිකාවන් 25000 කට අධික පිරිසක් තම ගම්බිම්වලට යාගත නොහැකිව නවාතැන්වල සිරවී සිටින බවට නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙන්ම, යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු බලධාරින් වෙත අද (26)දැනුම් දුන් අතර ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

ඔවුන් නිවෙස් වෙත යන තුරු පොලිසිය හා අවට පන්සල් ඇතුළු පිරිස්වල සහය ඇතිව එම පිරිස්වලට ආහාර පාන ලබා දීමට කටයුතු යොදා ඇත.

(Lanka Leads)