Monday, July 07, 2025
Follow Us
කොරෝනා ආසාදිත වූවා යැයි සැක රෝගීන් 252ක්

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස මේ වනවිට 102ක් වන අතර වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනා ගැනුණු රෝගීන්ගෙන් දෙවැනි රෝගියාත් සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලේන් පිටව ගොස් තිබේ.

ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 99කි.

ඊයේ(24) අලුතින් හඳුනා ගැණුනු නව කොරෝනා ආසාදිතයින් ගණන 05ක් වේ.

(Aruna)