ඉතිහාසයේ පළමුවරට එකදිගට සතියක්ම කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
ඊයේ සහ පෙරේදා දින දෙකෙහිද කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකෙරුණු අතර අද (25), හෙට, අනිද්දා යන දිනයන් ද කොටස් වෙළඳපොල නිවාඩු දින වශයෙන් තැරැව්කාර සමාගම් වෙත දැනුම්දී ඇත.
අවසන් වරට කොටස් වෙළඳපොල විවෘත කෙරුණු පසුගිය 20 වනදා ද මිනිත්තු 30ක් තුළ මිල දර්ශක විශාල වශයෙන් පහළ යාම හේතුවෙන් දෛනික ගනුදෙනු අත්හිටුවන ලදී.
(LNW)