Monday, July 07, 2025
Follow Us
විෂබීජ හරණයට හෙලිකොප්ටර් 5ක් සූදානමින්

විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකරණය කර තිබේ.

මෙලෙස නවීකරණය කෙරුණු බෙල් 212, බෙල් 412 සහ එම්.අයි-17 යානා සඳහා විෂබීජනාශක ද්‍රව්‍ය ඉසීමේ උපකරණ සවිකර ඇත.

සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ඉදිරිපත් වන අවස්ථාවක භාවිතයේ යෙදවීම සඳහා නවීකරණය කළ මෙම යානා පසුගියදා ගුවන් හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

(Aruna)