කෝවිඩ් 19 වෛසරය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් බහුතරයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව අදාල වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙම වෛරසය බහුල ලෙස පැතිර ඇති රටවල වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් මියගොස් ඇති අතර ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලියයි. මේ අතර මෙම වෛසරය පිළිබඳව පළමුවෙන්ම ලොවට හෙළිකළ චීන වෛද්‍යවරයෙකු වෛසරය ආසාදනය වීමෙන් මියගිය අතර ඒ පිළිබඳව ලොව බොහෝදෙනා අතර කතාබහට ලක්විය.
(LNW)