Monday, July 07, 2025
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ වැටුප අද දිනයේ

සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පසුගිය සිකුරාදා වන විට බොහෝ රාජ්‍ය සේවකයින් සදහා වැටුප් බැංකු ගත කිරිමට පියවර ගෙන ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සදහා අද දිනයේ දී වැටුප් බැංකු ගත කිරිමට නියමිතයි.

නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමග රාජ්‍ය සේවයේ නියුතු පිරිස් වෙනුවෙන් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා මෙලෙස වැටුප් ලබාදීමට පියවර ගෙන ඇත.

(Aruna)